IRONMAN 70.3 ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

IRONMAN 70.3 පිරිමි ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

by Staff writer 25-02-2018 | 10:12 PM

COLOMBO (Newsfirst) : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔලිවියේ ගොඩාට් ''IRONMAN 70.3'' අන්තර් ජාතික තරගයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගත්තේ ය.

සිංගප්පූරුවේ ලිං අ චූ එහි කාන්තා අංශයේ ශූරතාවය දිනා ගතා ය. දකුණු ආසියානු රටකදී පළමුවරට පැවති මෙම තරගයට MBC/MTV සහ Newsfirst ප්‍රමුඛ ''චැම්පියන් නෙට්වර්ක්'' නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම IRONMAN තරගය ඒ පිහිනුම්, පා පැදි සහ මැරතන් යන ඉසව්වලින් සමන්විතයි. පළමු අදියරේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිලෝ මීටර් 1. 9 ක දුරක් පිහිනීමට සිදු විය. ඉන් අනතුරුව කිලෝමීටර් 90 ක දුරක් පාපැදියේ ගමන් කළ යුතු අතර පසුව කිලෝ මීටර් 21 ක දුරක් ධාවනයේ යෙදිය යුතුයි. රටවල් 63 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 880 කට අධික පිරිසක් ඊට එක්ව සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔලිවියේ ගොඩාට් පිහිණුම් ඉසව්ව මිනිත්තු 28 යි තත්පර 34 කින් , පා පැදි ඉසව්ව පැය 2 යි මිනිත්තු 8 යි තත්පර 55 කින් හා ධාවන ඉසව්ව පැය 1 යි මිනිත්තු 25 යි තත්පර 55 කින් අවසන් කරමින් තරගයේ ජයග්‍රහණය දිනා ගත්තේ ය. ඉතාලියේ ඩේවිඩ් රොසෙට්ටි එහි දෙවන ස්ථානය හිමිකර ගත් අතර තුන්වන ස්ථානය හිමි වූයේ ස්පාඤ්ඤයේ ෆ්රැන්සිස්කෝ ගේබ්රියල්ටයි. කාන්තා අංශයේ ශූරතාවය දිනා ගත් ලිං අ චූ පිහිණුම් ඉසව්ව මිනිත්තු 32 යි තත්පර 49 කින් , පාපැදි ඉසව්ව පැය 2 යි මිනිත්තු 26 යි තත්පර 17 කින් හා ධාවන ඉසව්ව පැය 1 යි මිනිත්තු 44 යි තත්පර 12 කින් අවසන් කළේ ය. එහි දෙවන ස්ථානය රුසියාවේ උශකොවා ස්වෙටිලානා හිමිවූ අතර තුන්වන ස්ථානය හිමිවූයේ ඕස්ට්‍රේලියවේ බ්‍රිට්නි කැම්බල්ටයි.