හලාවත රිය අනතුරින් 12 දෙනෙකුට තුවාල

හලාවත රිය අනතුරින් 12 දෙනෙකුට තුවාල

by Hashini De Mel 25-02-2018 | 8:30 AM

COLOMBO (Newsfirst) - පුත්තලම, කුමාරකට්ටුව මංසන්ධියේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 2.00 ට පමණ යතුරු පැදියක් අනතුරකට පත්වීමෙන් පසු ව එම ස්ථානයට රැස් වූ පිරිස අනතුරට පත් කරමින් තව ත් මෝටර් රථයක් එම ස්ථානයෙන් ගමන් කර ඇති බව ය. එම අනතුරින් තුවාල ලැබුවන් පුත්තලම සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී මෝටර් රථයේ රියැදුරුට ප්‍රදේශවාසීන් පහරදීමක් ද සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇත. අනතුරින් තව ත් යතුරුපැදි තුනකට හානි සිදු විය. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.