නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න

by Hashini De Mel 25-02-2018 | 11:04 AM

COLOMBO (newsfirst) - ජනාධිපතිවරයා විසින් කරන ලද කැඳවීමට අනූව කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයට පැමිණෙමින් සිටිනු ඇත.

ඒ, අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට දේශපාලන මත පළවන පසුබිමක් තුළයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මේ වන විට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වන බවයි. එහිදී ජනපති මෙමත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුවට අනුව ජනතාවගේ යහපත උදෙසා සිය ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම රජය කටයුතු කළ යුතු බවත්, ආණ්ඩුවේ මුල්ම ප්‍රමුඛතාවය ජනතාවත් බවය.

Updates:-

ඒ අනුව, නව කැබිනට් සංශෝධනයට අනුව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට - නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයාට - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය සාගල රත්නායක අමාත්‍යවරයාට - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පියසේන ගමගේ අමාත්‍යවරයාට - තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයාට - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය රවින්ද්‍ර සමරවික්‍රම අමාත්‍යවරයාට - වජීවි සහ තිරසර සංවර්ධන අමාත්‍යංශය අජිත් පී පෙරේරා අමාත්‍යවරයාට - බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යාංශය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට -  විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යාංශය ජේ. සී අලවතුවල අමාත්‍යවරයාට - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාට - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය https://www.facebook.com/NewsfirstSL/videos/1854656444594605/