තෑග්ගක් ලෙසින් මගුල් ගෙදරට ආ මාරයා....

මංගල තෑග්ග පිපිරී මනාලයා මරු දකී: මනාලිය රෝහලේ

by Sagarika Chathumali 25-02-2018 | 4:53 PM

ඇරඹූ යුග දිවිය දින 5කින් නොසිතූ මොහොතක අවසනාවන්ත ලෙස අවසන් වූ අනුවේදනීය සිදුවීමක් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඒ, විවාහ දා අමුත්තෙකුගෙන් දල තෑගි පාර්සලයක් පුපුරා යාමෙන් මනමාලයා මිය ගොස් මනමාලිය බරපතළ තුවාල ලැබී සිදුවීමකි. මෙම අවසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ, ඔඩීෂා ප්‍රාන්තයේ බොලන්ගියර් ප්‍රදේශයේ යුවළකි. විවාහ උත්සවයෙන් දින 5කට පසු මානාල යුවළ සිය පවුලේ ඥාතීන් හා එක්ව විවාහය දා ලද තෑගි පාර්සල පරීක්ෂා කර ඇති අතර එහිදී එක් පාර්සලයක් විවෘත කිරීමට උත්සාහ දරද්දී එහි පුපුරණද්‍රව්‍ය සහිත එම පාර්සලය පුපුරා ගොස් ඇත. සිදුවීමෙන් මානමාලයාගේ මිත්තණිය එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මනමාලයා මිය ගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මනමාලිය බර්ලා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. බෝම්බය සහිත තෑගි පාර්සලය ලබා දුන්නේ කවුරුන් ද සහ එහි කුමනාකාරයේ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.