දිවයින පුරා කාලගුණයේ වෙනසක්

දිවයින පුරා කාලගුණයේ වෙනසක්

by Sagarika Chathumali 25-02-2018 | 6:35 PM

COLOMBO (Newsfirst) : දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර , කළුතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. ත්‍රිකුණාමලය සිට මඩකළපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ත් ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. එම අවස්ථාවල මුහුදේ සුළං වේගය පැයට කිලෝමිටර් 70 ත්80 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.