ඡන්දයෙන් පත් වූ සභිකයින්ගේ නම් මැ. කොමිසමට එවන්න

ඡන්දයෙන් පත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසමට එවන්නැයි උපදෙස්

by Hashini De Mel 25-02-2018 | 8:14 AM

COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයින්ගේ නම් ලබන 2 වන දාට පෙර මැතිවරණ කොමිසමට යොමු කරන්නැයි සියලු පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට දැනුම්දී තිබේ.

එහි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය ද ඇතුළත් වන පරිදි සභික ධූර ප්‍රමාණයන් සියලු පක්ෂ වෙත මේ වන විටත් යොමු කර ඇති බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණයෙන්, කොට්ඨාසයේ සහ පළාත් පාලන මට්ටමින් 5%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ඇති අපේක්ෂකයින්ගේ ඇප මුදල් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.