කොට්ටාවේ ගින්නෙන් ගොඩනැගිලි 3ක් විනාශයි

කොට්ටාවේ ගින්නෙන් ගොඩනැගිලි 3ක් විනාශයි

by Sagarika Chathumali 25-02-2018 | 4:02 PM

COLOMBO (Newsfirst) :කොට්ටාව නගරයේ හටගත් ගින්නෙන් ගොඩනැගිලි 3ක විනාශ වී තිබේ.

පොලීසිය පැවසුවේ, මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක් ඇතුළු ගොඩනැගිලි 3 ක් ගින්නෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි. අද පස්වරුවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 3ක් යොදා ගැනිණ. ගින්නට හේතුව සහ සිදුවූ දේපළ හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.