කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් 8ක්

කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් 8ක් බවට ආරංචි

by Hashini De Mel 25-02-2018 | 7:24 AM

COLOMBO (Newsfirst) - අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඒ අනුව, අමාත්‍ය ධූර 8ක් පමණ සංශෝධනවීමට නියමිතව තිබෙන බව ද එම ආරංචි මාර්ග තහවුරු කර ඇත. එම ආරංචි මාර්ග සඳහන් කළේ, රජයේ ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් වෙනස් වන බවයි. අද උදෑසන 11.00ට සියලු අමාත්‍යවරුන් , නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයට කැඳවීමට නියමිතව තිබේ. අද සිදුවන කැබිනට් සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් පැවරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.