ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව වීථි බසිති

ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව වීථි බසිති

by Staff writer 25-02-2018 | 5:23 PM

දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පුද්ගලයින් රැසක් විරෝධතාවල නිරත සිටී.

ටෙල් අවීව් අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතවූයේ නෙතන්යාහුට ද නීතිය අදාළ බවත් එරට දූෂිත අගමැතිවරයකුගෙන් යුත් මාෆියා රටක් බවත් පවසමිනි. අල්ලස් සහ දූෂණ චෝදනා හමුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීම අනුමත කරමින් පසුගිය දා ඊශ්‍රායාල පොලීසිය ප්‍රකාශයක් ද නිකුත් කළේ ය.