''අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී'' ගාලු මුවදොරදී

''අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී'' අද ගාලු මුවදොරදී

by Hashini De Mel 25-02-2018 | 7:50 AM

COLOMBO (Newsfirst) - '' අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී '' අන්තර් ජාතික තරගය අද ගාලු මුවදොරදී පැවැත් වෙනු ඇත.

දකුණු ආසියාවේ රටක පළමුවරට පැවැත්වෙන මෙම තරගයේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ MTV/MBC සහ නිව්ස්ෆස්ට් ප්‍රමුඛ ''චැම්පියන් නෙට්වර්ක්'' ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම අයන් මෑන් තරගය ඉසව් තුනකින් සමන්විත වේ. ඒ පිහිනුම්, පාපැදි සහ මැරතන් යන ඉසව්වලිනි. රටවල් 63 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 880 කට අධික පිරිසක් ඊට එක්වීමට නියමිත බව තරංග සංවිධායකයින් ප්‍රකාශ කර ඇත.