ළමුන් පිරිසක් අපයෝජනය කළ චීවරධාරීන් අත්අඩංගුවට

ළමුන් පිරිසක් අපයෝජනය කළ චීවරධාරීන් දෙදෙනෙකු ඇතුළු 08ක් අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 24-02-2018 | 12:34 PM
COLOMBO (Newsfirst) -  කුරුණෑගල, රස්නායකපුර, උඩහේනගම ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් පිරිසක් අපයෝජනය කළ චීවරධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ළමා නිවාසයේ ළමයින් 12 දෙනෙකු ඔවුන් අපයෝජනයට කර ඇති බව ය. අවුරුදු 8 ත් 12 ත් අතර ළමයින් පිරිසක් එලෙස අපයොජනයට ලක්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් එම ළමුන් අවස්ථා 32 කදි අපයෝජනයට ලක්කර ඇති බව ය. අත්අඩංගුවට ගත් චීවරධාරීන් අවුරුදු 16 හා 17 යන වයස්වල පසුවන්නන් වේ. සෙසු සැකකරුවන් අවුරුදු 20 හා 22 යන වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බාලවයස්කරුවන් පුනරුත්ථාපන නිවාසයකට යොමු කර ඇති අතර සෙසු පිරිස ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පොලීසිය සඳහන් කළේ, අපයෝජනයට ලක්වූ ළමයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. 1991 වසරේ ආරම්භ කළ මෙම ළමා නිවාසයේ සිටින ළමයින් සංඛ්‍යාව 36කි. මේ අතර පසුගිය දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් ළමයින්ට එරෙහි හිංසන ක්‍රියා වාර්තා විය. නෙට් බෝල් පුහුණුවීම් සඳහා නොපැමිණීම හේතුවෙන් ගම්පොල ප්‍රදේශයේ පාසලක සිසුවියකට ක්‍රීඩා භාර ගුරුවරයා කළ පහරදීම ඉන් එක් සිදුවීමකි. අදාළ පහරදීම සිදුකළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මතමුදා හැර තිබේ. පහර කෑමට ලක්වූ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය ගම්පොල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් තිබේ. මේ අතර කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු විසින් සිසුන් සිව් දෙනෙකුට අමානුෂික ලෙස පහරදිමේ සිදුවීමක් ද පසුගියදා වාර්තා විය. අදාළ සිසුන් ප්‍රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් ඇති බව කළුබොවිල ශික්ෂණ රෝහල් පොලීසිය සඳහන් කළේය. කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුගේ නියෝගය මත එම පාසලේ ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහරදීමක් ද පෙරේදා දිනයේ වාර්තා විය. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි එම පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙලෙස සිසුවාට පහරදෙන ලෙස එම පන්තියේම ඉගෙනුම ලබන අනෙක් සිසුන්ට පවසා තිබේ. දිගින් දිගටම සිදුවන මෙම ළමා හිංසන ක්‍රියා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මියගෙන් නිව්ස් ෆස්ට් විමසීමක් කළේය. https://www.youtube.com/watch?v=e8GfVhd69oI