සෝමාලියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් 18ක් මරුට

සෝමාලියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් 18ක් මරුට

by Chathuranga Rajapaksha 24-02-2018 | 7:40 AM
සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරය අසළදී මෝටර් රථ බෝම්බ ප්‍රහාර 2ක් එල්ල කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, එම ප්‍රහාරවලින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව ය. එක් මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් ජනාධිපති මන්දිර දොරටුව අසළදී පුපුරා ගොස් ඇති අතර දෙවැනි මෝටර් රථ බෝම්බ ප්‍රහාරය ඊට යාබදව පිහිටි ජාතික බුද්ධි අංශ නියෝජිත ආයතන කාර්යාලය අසළදි පුපුරුවා හැර තිබේ. සෝමාලියානු බලධාරීන් පැවසුවේ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බව ය. මෙම මෝටර් රථ බෝම්බ ප්‍රහාරවල වගකිම සෝමාලියාවේ අල්ෂබාහ් සටන්කාමින් විසින් භාරගනු ලැබ තිබේ. අල්ෂබහ් සටන්කාමින් කියා සිටියේ ප්‍රහාරයේදී හමුදා සෙබළුන් 15 දෙනෙකු ඝාතනය කළ බව ය.