ලොව විශාලතම මොලයේ ගෙඩිය ඉවත් කෙරේ

ලොව විශාලතම මොලයේ ගෙඩිය පැය 7ක සැත්කමකින් පසු ඉවත් කෙරේ

by Chathuranga Rajapaksha 24-02-2018 | 9:07 AM
අවුරුදු 31වයස පුද්ගලයෙකුගේ කිලෝ ග්‍රෑම් 1.8ක් බරැති මොලයේ ගෙඩියක් ඉවත් කිරීමට ඉන්දියාවේ, මුම්බායිහී වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ. මෙය ලෝකයේ දැනට වාර්තා වී ඇති විශාලතම මොලයේ ගෙඩිය බවට වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම සැත්කම සිදුකර තිබෙන්නේ පසුගිය 14 වන දා ය. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හී සාප්පු හිමිකරුවෙකු වන සන්ත්ලාල් පාල් නමැති ඔහු, මොලයේ හටගත් මෙම ගෙඩිය හේතුවෙන් පසුගිය අවුරුදු තුනක කාලය තුළ දැඩිලෙස පිඩා විඳ තිබේ. එම ගෙඩිය ඔහුගේ හිස් කබලේ 10%ක පමණ ප්‍රමාණයක් ද වර්ධනය වී තිබුණි. සන්ත්ලාල් පාල්ගේ මෙම සැත්කම සිදු කිරීම මීට පෙර රෝහල් 3කින්ම ප්‍රතික්ෂේප කර බව ඇතැයි ඔහුගේ බිරිඳ ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා පවසයි.