පුත්තලම රිය අනතුරකින් දරුවෙකු මරුට

පුත්තලම රිය අනතුරකින් දරුවෙකු මරුට

by Chathuranga Rajapaksha 24-02-2018 | 11:04 AM
COLOMBO (Newsfirst) -  පුත්තලම, පල්ලම ප්‍රදේශයේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. වතුපොල - පල්ලම මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් ට්‍රැක්ටරයක ගැටීමෙන් 15 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති අතර ඔහු පල්ලම, පොක්තුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පල්ලම, ආඩිගම ප්‍රදේශයේදී පාපැදිකරුවෙකු ගල්වලකට වැටීමෙන් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය පාපැදියෙන් අසළ වෙළෙඳසැලකට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව ය.