පලිසේනගේ ටිකට් කපයි: ඇලෝෂියස් රෝහලේ

පලිසේනගේ ටිකට් කපයි: ඇලෝෂියස් තවමත් බන්ධනාගාර රෝහලේ

by Chathuranga Rajapaksha 24-02-2018 | 3:39 PM
COLOMBO (Newsfirst) - බන්ධනාගාර රෝහල්ගත කළ කසුන් පලිසේන මහතා අද දහවල් යළි බන්ධනාගාර ගතකර ඇති අතර, අර්ජුන් ඇලෝෂියස් මහතා තව දුරට ත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන අය රෝහල් ගතකරන ලෙස බන්ධනාගාර රෝහලට අනුයුක්තව මැගසින් බන්ධනාගාරයේ රෝගීන් පරික්ෂා කරන වෛද්‍යවරයා නියෝග කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේදී ය. ඒ, වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි. කසුන් පලිසේන මහතාට කොන්දේ ඇති වේදනාවක් හේතුවෙන් මෙම වෛද්‍ය පරීක්ෂණ නිර්දේශ කර ඇති අතර අර්ජුන් ඇලෝසියස් මහතාට මුත්‍රා අමාරුවක් සහ හිස රුදාවක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ නිර්දේශ කර තිබේ. ඒ අනුව එදින පස්වරුවේම අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන මහත්වරුවන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.