හෙට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා

තුන් ප්‍රයාම ජාත්‍යන්තර තරගයක් හේතුවෙන් හෙට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා

by Chathuranga Rajapaksha 24-02-2018 | 3:01 PM
COLOMBO (Newsfirst) -  තුන් ප්‍රයාම ජාත්‍යන්තර තරගයක් හේතුවෙන් හෙට පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි. ඒ, අනුව හෙට පෙරවරු 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ කොටුව, චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාර, කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ත් කොල්ලුපිටිය දුම්රිය පොළ පාර සහ මුහුදුබඩ මාර්ගය වැල්ලවත්ත. දක්වා මාර්ගවල එලෙස වාහන ගමනා ගමනය සීමා කෙරෙනු ඇති. අදාළ මාර්ගය භාවිත කරන ජනතාව හෙට පෙරවරුවේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය දැනුම් දෙන්නේය.