අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට

අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

by Chathuranga Rajapaksha 24-02-2018 | 8:15 AM
COLOMBO (Newsfirst) මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔවුන් දෙදෙනා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව ය. ඔවුන් දෙදෙනා එලෙස රෝහල් ගත කරන ලෙස බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.