එ.ජා. ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරිය අභාවප්‍රාප්ත වෙයි

එ.ජා. ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරිය අභාවප්‍රාප්ත වෙයි

එ.ජා. ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරිය අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

24 Feb, 2018 | 10:30 am

COLOMBO (Newsfirst) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

වසර 17ක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ ඌනා මැකෝලි මහත්මිය මීට පෙර පැනමා, ටොගෝ, සුඩාන්, කෙන්යා සහ ඇන්ගෝලා රාජ්‍යයන්හි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතවරිය ලෙස කටයුතු කළා ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ඇය එඩිතර, ප්‍රබෝධමත් ශක්තිමත් නායිකාවක් ලෙස සිය ජීවිතය ලෝක වාසීන්ගේ යහපත උදෙසා කැප කළ බව ය.

අභාවප්‍රාප්ත වන විට 54 වන වියේ පසු වූ අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන ඌනා මැකෝලි මහත්මිය පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇගේ හදිසි අභාවය පිළිබඳව සිය ශෝකය පළ කළේ ය.