unicefහි නි. අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

unicef සංවිධානයේ නි. අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 23-02-2018 | 8:51 AM
(Newsfirst) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජස්ටින් ෆෝසයිත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, විනය විරෝධී චෝදනා එල්ල වීම හේතුවෙනි. ෆෝසයිත් 2011 සහ 2015 කාල සීමාව තුල සේව් ද චිල්රන් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළේ ය. විදෙස් වාර්තා අනාවරණය කළේ, එම කාල සීමාව තුළ එල්ල වූ විනය විරෝධී චෝදනා හේතුවෙන් ඔහු මෙලෙස යුනිසෙෆ් සංවිධානයේ වත්මන් ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ය. සිය කාර්ය මණ්ඩලයේ තරුණියන්ට නුසුදුසු කෙටි පණිවුඩ යැවීම හා ඔවුන්ගේ ඇඳුම් පිළිබඳ නුසුදුසු අදහස් පළ කිරීම එම චෝදනා අතර වේ. යුනිසෙෆ් නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ෆෝසයිත් අවධාරණය කළේ, වත්මන් ධූරය හේතුවෙන් නොව සෙව් ද චිල්රන් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පමණක් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.