උ/පෙළ සඳහා අයදුම් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්

2018 උ/පෙළ සඳහා අයදුම් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්

by Staff writer 23-02-2018 | 11:02 AM
Colombo (Newsfirst) 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අයදුම්පත් තැපෑලෙන් යොමු කළ යුතු බව ය. අද දිනය තුළ තැපෑලට යොමු කරන අයදුම්පත් භාර ගන්නා බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ ය.