පාතාල කල්ලි නායක දඩල්ලගේ මංජු මරුට

පාතාල කල්ලි නායක දඩල්ලගේ මංජු මරුට

by Chathuranga Rajapaksha 23-02-2018 | 8:06 PM
COLOMBO (Newsfirst) - වත්තල, මහපල්ලිය රථ ගාලේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි නායක දඩල්ලගේ මංජු නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු සමග සිටි තවත් පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් මහපල්ලිය රථ ගාලේ රැඳී සිටින බවට ලද තොරතුරක් අද පස්වරු 1.30 ට පමණ ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ට වෙඩි තබා තිබේ. එහිදී එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් මංජු නැමැත්තා මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් ක‍ළේය.