ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට

by Chathuranga Rajapaksha 23-02-2018 | 7:05 PM
COLOMBO (Newsfirst) - වසර 9 කට පසුව පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් නව සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා තේරීපත් විය. ඒ අද පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද 18 ක් හිමි කර ගනිමිනි. එහිදී අනෙක් සභාපති ධූර අපේක්ෂකයා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට හිමිවූයේ ජන්ද 12 ක් පමණි. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් ලේකම් ධුරයට මැක්ස්වෙල් ද සිල්වා තේරී පත්විය