Komaali Kings හෙට සිට දිවයින පුරා සිනමාහල්වල

Komaali Kings හෙට සිට දිවයින පුරා සිනමාහල්වල

by Sagarika Chathumali 22-02-2018 | 10:44 PM

COLOMBO (Newsfirst) : ශ්‍රී ලාංකේය සිනමා කේෂ්ත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් 'Komaali Kings' දෙමළ සිනමාපටයේ මංගල දර්ශනය අද පස්වරුවේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

කින්ස් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය වසර 40කට පසු ශ්‍රී ලංකික දෙමළ සිනමා කර්මාන්තයෙන් බිහි වු පළමු චිත්‍රපටියයි. Maharaja Entertainment බෙදාහැරීමක් වන මෙය හෙට සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති.