කොළඹ වරායට නැව් පැමිණීමේ වර්ධනයක්

2017ට සාපේක්ෂව 2018 ජනවාරි මාසය තුළ කොළඹ වරායට නැව් පැමිණීමේ වර්ධනයක්

by Staff writer 22-02-2018 | 4:32 PM
Colombo (Newsfirst) 2017 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ කොළඹ වරායට නෞකා පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. බහලු නෞකා, සාම්ප්‍රදායික නැව් බඩු නෞකා, අනෙකුත් නෞකා සහ නෞකා අලුත්වැඩියාව හා නැංගුරම් කිරීම් තුළින් 2017 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2018 වර්ෂයේ ජනවාරි මාසය වන විට 8.1%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. වරාය අධිකාරිය පැවසුවේ, 2018 ජනවාරි මාසය තුළ පැමිණ ඇති බහලු නෞකා සංඛ්‍යාව 332ක් වන අතර එය ගිය වසරට සාපේක්ෂව 9.2%ක වර්ධනයක් බව ය.