විමල්ට එරෙහිව ටිල්වින් දැමූ නඩුව 11 වන දාට කල් යයි

විමල්ට එරෙහිව ටිල්වින් දැමූ නඩුව 11 වන දාට කල් යයි

by Staff writer 22-02-2018 | 4:04 PM
Colombo (Newsfirst) සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා විමල් වීරවංශ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය මැයි 11 වන දා දක්වා කල් තැබීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අද නියෝග කළේ ය. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ටිල්වින් සිල්වා මහතා එම නඩුව ගොනු කර තිබේ. විමල් වීරවංශ මහතා ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ 'නැත්ත වෙනුවට ඇත්ත' යන ග්‍රන්ථයේ සම්පූර්ණයෙන් ම පාහේ අඩංගු වී ඇත්තේ, විත්තිකාර විමල් වීරවංශ මහතා සිය පක්ෂයේ සිටියදී තමා පක්ෂ විධායක කමිටුව හමුවේදී ඉදිරිපත් කළ අදහස් හා යෝජනා බව ටිල්වින් සිල්වා මහතා පෙන්වා දී තිබේ. ඒවා ඔහුගේ අදහස් ලෙස හුවා දැක්වීම මගින් විමල් වීරවංශ මහතා සිය බුද්ධමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි.