වස විසෙන් තොර ගොවිපොළවල් 25,000ක් ඇරඹීමට පියවර

වස විසෙන් තොර ගොවිපොළවල් 25,000ක් ඇරඹීමට පියවර

by Hashini De Mel 22-02-2018 | 2:33 PM

COLOMBO (Newsfirst) - වස විසෙන් තොර ආදර්ශ ගොවිපොළවල් 25,000ක් ආරම්භ කිරීමට ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන තීරණය කර තිබේ.

එම වැඩසටහන සඳහන් කළේ, ගෘහණිය මුල් කර ගත් එම ආදර්ශ ගොවිපොළෙන් නිවසට අවශ්‍ය එළවළු පලා වර්ග නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කෙරෙන බව ය. ගෙවත්ත, පෝෂ්‍යදායී සහ ඹෟෂධීය ගුණයෙන් යුතු ආහාර සපයන ගෙඋයනක් ලෙස සංවර්ධනය කර ගැනීමට ගෘහණියන් දිරි ගැන්වීම මෙහි අරමුණයි.