ප්‍රමිතියෙන් තොර යතුරු පැදි හෙල්මට් සොයා මෙහෙයුම්

ප්‍රමිතියෙන් තොර යතුරු පැදි හෙල්මට් සොයා මෙහෙයුම්

by Hashini De Mel 22-02-2018 | 11:24 AM

COLOMBO (Newsfirst) - නිසි ප්‍රමිතියෙන් තොර යතුරු පැදි ආරක්ෂක හිස්වැසුම් අළෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර තිබේ.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වැටලීම් ආරම්භ කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව ලබන මස සිට වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. ඔහු සඳහන් කළේ, නිසි ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස් වැසුම් මිලදී ගැනීමට ජනතාව වගබලා ගත යුතු බවයි. නිසි ප්‍රමිතියෙන් තොර හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය අනතුරුදායක බව ද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ ය.