නාමල් රාජපක්ෂට රට යන්න අවසරයි

නාමල් රාජපක්ෂට රට යන්න අවසර ලැබෙයි

by Sagarika Chathumali 22-02-2018 | 7:09 PM

COLOMBO (Newsfirst) : රුපියල් මිලියන 15 ක මුදලක් අයථා ලෙස උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අප්‍රේල් 26 තෙක් විදෙස්ගත වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද අවසර ලබා දුන්නා ය.

සැකකාර නාමල් රාජපක්ෂ එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසි වාරයකට සහ නේපාලයේ පැවැත්වෙන තරුණ සම්මේලන 2 ක් සඳහා සහභාගී විමට නියමිත බව පෙන්වා දෙමින් මෝසමක් මගින් අදාළ නඩුව කැඳවා කළ කරණු දැක්විම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම අවසරය ලබා දුන්නා ය. නාමල් රාජපක්ෂ මහතාට අයත් හෙලෝකෝප් සමාගම ශ්‍රීලංකන් ගුවන් සමාගමට භාණ්ඩ සැපයූ සමාගමක් සමග කළ ගනුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 15 ක මුදලක් උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එම නඩුව පවරා තිබිණ. නඩු විභාගය යළි අප්‍රේල් මස 26 වන දා කැඳවිමට නියමිතයි.