දරුවෙකුට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

දරුවෙකුට පහරදුන් විශ්‍රාමික පොලිස් නිලධාරියා අත්අඩංගුවට

by Hashini De Mel 22-02-2018 | 6:36 PM

COLOMBO (Newsfirst) - දරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු හලාවත නගරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස පහර දීමට ලක් ව ඇත්තේ වයස 14 හැවිරිදි දරුවෙකි. දරුවා තව ත් දෙදෙනෙකු සමග උණ පැළයක් කැපීමට යාමේදී සැකකරු ඔහුට බරපතළ ලෙස පහර දී ඇති බවට හලාවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය සඳහන් කළේ ය. පහර දීමෙන් දරුවාගේ කනකට තුවාල සිදුව ඇති අතර ඔහු මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත. සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.