තේ කර්මාන්තශාලාවල හදිස්සි තත්ත්ව පරීක්ෂාවක්

තේ කර්මාන්තශාලාවල හදිස්සි තත්ත්ව පරීක්ෂාවක්

by Hashini De Mel 22-02-2018 | 10:54 AM

COLOMBO (Newsfirst) - තේවලට සීනි කලවම් කර අළෙවි කරන බවට ලද තොරතුරු අනුව කර්මාන්ත ශාලා 82ක සාම්පල පරීක්ෂා කිරීමට ලබා ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසා තිබේ.

එහි සභාපති රෝහාන් පෙතියාගොඩ මහතා සඳහන් කළේ, පෙරේදා දිනයේ තම නිලධාරින් කණ්ඩායමක් සාම්පල පරීක්ෂාවට එම කර්මාන්ත ශාලාවලට නොදන්වා ගොස් ලබා ගත් බවයි. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව තේවලට සීනි කලවම් කර ඇති බව තහවුරු වුවහොත් එහි නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කරන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය. තේවලට සීනි කලවම් කර හසුවිමෙන් පසුගිය දා රත්නපුර නගරයේ කර්මාන්ත ශාලා 2ක නිෂ්පාදන සහ අළෙවිය තහනම් කිරීමට පියවර ගත් බව ද ඔහු පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1851028238290759/