ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට....

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට...

by Sagarika Chathumali 22-02-2018 | 5:02 PM

COLOMBO (Newsfirst) : හෙට පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී බැඩ්මින්ටන් සහ හොකී සංගම් සඳහා ඡන්දය භාවිත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

වසර 9 කට පසු පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. නිලවරණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසී ය.