ගොවීන්ට රජයෙන් නොමිලේ වගා රක්ෂණයක්

ගොවීන්ට රජයෙන් නොමිලේ වගා රක්ෂණයක්

by Sagarika Chathumali 22-02-2018 | 10:18 PM

COLOMBO (Newsfirst) : බෝග වර්ග කිහිපයක් සඳහා ගොවීන්ට නොමිලේ වගා රක්ෂණයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ, වී, බඩ ඉරිඟු සේයා, මිරිස්, ලොකු ළූණු, අර්තාපල් ගොවීන්ට අක්කරයට රුපියල් 40000ක වගා රක්ෂණයක් ලබා දෙන බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මීට පෙර අදාළ රක්ෂණය සඳහා ගොවීන් රු 1000ක දායකත්වයක් ලබා දියු යුතුව තිබුණ ද  නව තීන්දුව අනුව එය අහෝසි වන බවයි.