නිදහස් පෙරමුණට කැබිනට් සංශෝධනය පේන හැටි..

"කැබිනට් වෙනස මහලු ගණිකාවක් කන්‍යාවියක් කිරීමේ උත්සාහයක් වැනියි"

by Sagarika Chathumali 22-02-2018 | 8:22 PM

COLOMBO (Newsfirst) : සිදු කිරීමට සූදානම් වන කැබිනට් සංශෝධනය මහලු ගණිකාවකට පවුඩර් දමා කන්‍යාවියක් කිරීමට දරන උත්සාහයක් බදු බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පැවසුවේ, එය අණ්ඩුව යම් ප්‍රතිසංස්කරණයක් කළ බවට ලෝකයාට පෙන්වීමට දරන උත්සාහයක් පමණක් බවයි. "දැන් ආණ්ඩුව මේ නාට්‍යයේ සමාප්තිය කරා ඇවිල්ලා ඒක යම්කිසි ප්‍රතිසංස්කරණයක් කරා කියලා ලෝකෙට පෙන්නන්න කැබිනට් සංශෝධනයක් කරන්න අද ලෑස්ති වෙලා තිබෙනවා. මේක ඇත්තටම අද මහලු ගණිකාවකට පවුඩර් දාලා කන්‍යාවියක් කරන්න හදනවා වගේ වැඩක් මේ" එමෙන් ම හවුල් ආණ්ඩුවේ තවදුරටත් රැඳිය හැකි පාර්ශව පිළිබඳව ද ඔහු එහිදී පැහිදිලි කිරීමක් සිදු කළේ ය. "අනාගතේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. දීග කාලා UNP ජන්දේ ඉල්ලන්න බලාගෙන ඉන්න අයට මේ හවුල ඇතුළට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඒවගේ ම සල්ලි කුට්ටිය අරගෙන එහෙම නැත්නම් තනතුරු තන්‍ය මාන්‍ය වරප්‍රසාද අරගෙන 2020 දේශපාලනයෙන් සමුගන්න ඉන්න අයටත් මේ හවුල් ආණ්ඩුව ඇතුළේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් 2020 දේශපාලනයෙන් විශ්‍රාම යන අයටත් මේ හවුල ඇතුලේ ඉන්න පුළුවන්"