අබුඩාබි පාපැදි සවාරියේ පළමු අදියර අවසන්

ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියර ජය ගනී

by Sagarika Chathumali 22-02-2018 | 9:36 PM

නෝර්වේ ජාතික ඇලෙක්ඇන්ඩර් ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියරේ ජය හිමි කර ගත්තේ ය.

මෙම තරගයේ බ්‍රිතාන්‍ය පාපැදි ශූර මාක් කෙවෙන්ඩිෂ් අනතුරකට ලක් විය. 2015 වසරේදී ආරම්භ වූ අබු ඩාබි පාපැදි සවාරිය මෙවර පැවැත් වෙන්නේ සිව් වන වරටයි. අදියර 5 කින් සමන්විත පා පැදි සවාරියේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 687. 6කි. එහි පළමු අදියරේ කිලෝ මීටර් 189 ක දුරකින් යුතු වූ අතර එහි ජය හිමි කර ගත් ඇලෙක්ස් ඇන්ඩර් ක්‍රිස්ටෝෆ් ඒ සඳහා ගත කළ කාලය පැය 4යි මිනිත්තු 48යි තත්පර 24 කි. ඉතාලියේ ඔන්ඩ්‍රෙයා ගුවර්දිනී එහි දෙවැනි ස්ථානය හිමි කර ගත්තේ ය. තුන් වැනි ස්ථානය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ කේලබ් එවන් සමත් විය. කිලෝ මීටර් 154 ක දුරකින් යුත් පාපැදි සවාරියේ දෙවැනි අදියර අද පැවැත්වේ.