කහගොල්ලේ වූ බස් රථ පිපිරීම ගැන පරීක්ෂණ ඇරඹේ

කහගොල්ලේ වූ බස් රථ පිපිරීම ගැන පරීක්ෂණ ඇරඹේ

by Hashini De Mel 22-02-2018 | 6:33 AM

COLOMBO (Newsfirst) - දියතලාව - කහගොල්ල ප්‍රදේශයේ බස් රථයක සිදු වූ පිපිරීම පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසා තිබේ.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අත්බෝම්බයක් පිපිරීමෙන් බස් රථය ගිනි ගෙන ඇති බවයි. රජයේ රස පරීක්ෂකවරයා ද බස් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු කර ඇත. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අවධාරණය කළේ ය. අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරිණි. ඒ අතර යුද හමුදා සාමාජිකයින් 7දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු වනු ඇති. ඉන් හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මහතා සඳහන් කළේ ය. මේ අතර හමුදා හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, යුද හමුදා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1851012194959030/