SAITM සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

SAITM සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

SAITM සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2018 | 9:21 pm

COLOMBO (Newsfirst) : මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය සඳහා ඇතුළත් කර ගැනීමට තිරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි පැවති සාකච්ඡාවකදි මෙම තීරණයට එළැඹි බවයි.

නීතිපති,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පිඨාධිපති,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ සභාපති ඇතුළු පිරිසක් මෙම සකාච්ඡාවට සහභාගී වී සිටි බව එම නිවේදනයේ සඳහන් ය.

දැනට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන 1000ක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කර බලා මෙම ඇතුළත් කර ගැනීම සිදු කිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]