ලොව උසම හෝටලය ඩුබායිහිදී විවෘත වෙයි

ලොව උසම හෝටලය ඩුබායිහිදී විවෘත වෙයි

by Hashini De Mel 21-02-2018 | 7:07 PM

COLOMBO (Newsfirst) - ලොව උසම හෝටලය වන ජෙවෝරා හෝටලය ඩුබායිහිදී විවෘත කර තිබේ.

එය මීටර 356ක් උසැති ලොව උසම හෝටලය ලෙස වාර්තා අතරට එක්වනු ඇත. තරු පහේ හෝටලයක් වන ජෙවෝරා හෝටලය රත්‍රං තේමාව යටතේ නිමවා තිබේ. අල් අටාර් සමාගම විසින් හෝටලයේ ඉදිකිරිම් කටයුතු සිදු කර ඇති අතර එය සම්පුර්ණ කිරීමට වසර 4ක්ගත වූ බව සඳහන් ය. මීට පෙර ලොව උසම හෝටලය ලෙස ගිනස් වාර්තා අතරට එක් ව සිට ඇත්තේ මීටර 355.35 ක් උසැති ඩුබායිහි ජේ. ඩබ්ලිව්. මැරියට් හෝටලයයි. තව ද ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ගොඩැනැගිල්ල පිහිටා ඇත්තේ ද ඩුබායි රාජ්‍යයේ ය.