මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට

මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට

by Staff writer 21-02-2018 | 6:42 AM
Colombo (Newsfirst) මෙරට බියර් භාවිතය 12%කින් ඉහළ ගොස් තිබේ. ඒ, පසුගිය අයවැයෙන් රජය බියර් සඳහා පනවා තිබූ බදු අඩු කිරීමත් සමග ය. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මේ බව අනාවරණය වී ඇති බව ය. මෙරට සමස්ත මධ්‍යසාර භාවිතයෙන් බියර් භාවිතයට හිමිව තිබූ ප්‍රතිශතය 18%කි. පවතින තත්ත්වය මත එය තවදුරටත් වර්ධනය වනු ඇති බව ද දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ ය. මෙම තත්ත්වය පිළිබඳව ලබන සඳුදා රැස්වන අධිකාරියේ කමිටු රැස්වීමේදී අවධානය යොමු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ය. ඒ අනුව බියර් භාවිතය වැඩිවීම පිළිබඳව වාර්තාවක් ජනාධිපතිවරයාට හා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිත ය.