නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි

නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි

by Hashini De Mel 21-02-2018 | 10:28 PM

COLOMBO (Newsfirst) - රාජකීය - ශාන්ත තෝමස් 139 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය.

නිල් මහ සටන ලබන මස 8 වන දා කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත වේ. 1880 වසරේ සිට පැවැත් වූ නිල් මහ සටන අවස්ථා 35කදී රාජකීයයන් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් විද්‍යාලය ජය ගත් වාර ගණන 34කි.