ට්‍රම්ප්, බම්ප් තහනම් කරයි

ට්‍රම්ප්, බම්ප් තහනම් කරයි

by Staff writer 21-02-2018 | 11:53 AM
(Newsfirst) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Bump-stock devices (අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවියක උණ්ඩ විසුරුවා හැරීමේ ශීඝ්‍රතාව වැඩි කරන උපාංග) තහනම් කිරීමට නියෝග කර තිබේ. මෙලෙස තහනම් කර ඇත්තේ, පසුගිය වසරේ සංගීත ප්‍රසංගයකදී පුද්ගලයින් 58 දෙනෙකු ඝාතනය කිරීම සිද්ධියක් සැලකිල්ලට ගෙන ය. එම අවස්ථාවේදී මෙම උපාංගය භාවිත කර ගනිමින් විනාඩියකදී උණ්ඩ සිය ගණනක් නිකුත් කර ඇති බව සනාථ වී තිබේ. ධවල මන්දිරයේදී අදහස් පළ කරමින් ට්‍රම්ප් පැවසුවේ, මෙලෙස මෙම උපාංග නීතිවිරෝධී කිරීමට අලුතින් නීතියක් සම්පාදනය කිරීමට එරට නීති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් විමසා ඇති බව ය.