ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු ද?

ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු ද? - කථානායක තීන්දුව අද

by Staff writer 21-02-2018 | 7:10 AM
Colombo (Newsfirst) ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු ද යන්න පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය. ඒ, ඊයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදය හේතුවෙනි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඊයේ ප්‍රශ්න කළේ ය. මෙහිදී විපක්ෂයේ තර්කය වූයේ ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු නොවන බව ය. කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බලා විශේෂ ප්‍රකාශයක් කරන බව කථානායකවරයා පැවසුවේ ය.