BAFTA උළෙලේ හොඳ ම නළුවා ගැරී ඕල්ඩ්මන්

'BAFTA' හොඳ ම නළුවාට හිමි සම්මානය ගැරී ඕල්ඩ්මන්ට

by Sagarika Chathumali 20-02-2018 | 9:09 AM
පසුගිය දා නිමාවට පත්වූ බැෆ්ටා සිනමා සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ගැරී ඕල්ඩ්මන් සමත් විය. ඒ Darkest Hour හොලිවුඩ් සිනමා පටයේ රංගනය වෙනුවෙනි. 59 හැවිරිදි ගැරී සිනමාවට සේම වැඩසටහන් ඉදිරිපත් කිරීමට සැබෑ දක්ෂයෙකු බව හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ ය.