සුරාබදු නඩු පැවරීමට පොලීසියට තනි බලයක් නැහැ

සුරාබදු නඩු පැවරීමට පොලීසියට තනි බලයක් නැහැ

by Hashini De Mel 20-02-2018 | 5:07 PM

COLOMBO (Newsfirst) - සුරාබදු නිලධාරියෙකුගේ වාර්තාවක් නොමැතිව සුරාබදු නඩු පැවරීමට පොලීසියට නෛතික බලයක් නොමැති බව ගාල්ල මහාධිකරණය අද තීරණය කර ඇත.

ඒ, සුරාබදු නඩු පැවරීමට පොලීසියට බලතල ඇති බවට 2017 අප්‍රේල් 27 වන දා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමෙන් අනතුරුව ය. අභියාචනය සලකා බැලු ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කියා සිටියේ, සූරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලීසියට නීතිමය බලයක් නොමැති බවයි. අහංගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින්, බියර් බෝතල් 48 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අහංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පැවරීමට එරෙහිව මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.