සිම්බාබ්වේ හමුවේ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්

සිම්බාබ්වේ හමුවේ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්

by Sagarika Chathumali 20-02-2018 | 7:36 AM

තරග 5 කින් යුතු ඇෆ්ගනිස්ථාන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4 ට 1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

ඒ ඊයේ දිනයේ සිම්බාබ්වේ කණ්ඩායමත් සමග පැවති පස්වන හා අවසන් තරගය ලකුණු 146 කින් ජය ගැනිමත් සමගයි. කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 241 කි. ජාවෙඩ් අහමඩ් ලකුණු 76 ක් රැස් කළේ ය. රහමට් ශහා රැස් කළ ලකුණු කළ සංඛ්‍යාව 59කි. ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 95 ක් පමණි. ක්‍රෙග් අර්වින් ලකුණු 34 යි. පන්දු යැවීමේදී රහීඩ් ඛාන් ලකුණු 13 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය.