භාෂා ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුව හෙටට කල් යයි

විවාදය අතරමග නවතා පාර්ලිමේන්තුව හෙටට කල් තබයි

by Sagarika Chathumali 20-02-2018 | 2:09 PM

COLOMBO (Newsfirst) : අද පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය හෙට පස්වරු 1.00 දක්වා කල් තබා තිබේ.

ඒ භාෂා ප්‍රශ්නයක් මුල් කර ගනිමිනි. බරපතළ වංචා විමර්ශන වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් හෝ නොමැති වීම නිසා විවාදයට සක්‍රිය සහභාගී වීමට ඇති අපහසුතාවක් ඇති බව සුමන්දිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත. කථානායක කනගාටුව පළ කරමින් කියා සිටියේ, පිටු 8,000කින් පමණ සමන්විත මෙම වාර්තාව පරිවර්තනයේ ගැටලුවක් ඇති බවයි. බැඳුම්කර වංචා විමර්ශන වාර්තාවේ පිටපත් ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුව ද අවසානයේ පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබීමට තීරණය වී ඇත.