වන්දි දීමෙන් ගොවි ගැටලු විසඳෙයි ද? 

වන්දි දීමෙන් ගොවි ගැටලු විසඳෙයි ද? 

by Sagarika Chathumali 20-02-2018 | 10:01 AM

COLOMBO (Newsfirst) : වගා හානි වූ ගොවින්ට වන්දි ලබා ගැනීමේ අයැදුම් පත්‍ර අද සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති සිඩ්නි ගජනායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. මේ වනවිට දිවයින පුරා වගා හානි වූ ගොවීන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ. කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතා ප්‍රකාශ කළේ, එම අංකයට දිනකට ඇමතුම් 5000 ත් 6000 ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර ඉන් වැඩි ම ප්‍රමාණයක් වී සහ බඩ ඉරිඟු සම්බන්ධයෙන් වන පැමිණිලි බවයි. රක්ෂණ ක්‍රමය සඳහා ලියාපදිංචි නොවූ ගොවීන්ට රුපියල් 10,000ක දීමනාවක් දීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.