අගහිඟ කලාකරුවන් 4000 කට මූල්‍ය ආධාර

අගහිඟ කලාකරුවන් 4000 කට මූල්‍ය ආධාර

by Hashini De Mel 20-02-2018 | 6:17 PM

COLOMBO (Newsfirst) - විවිධ කලා ක්ෂේත්‍රවල නියැළුණු අගහිඟ කලාකරුවන් 4000කට පමණ මේ වසරේදී මූල්‍යාධාර ලබාදීමට පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසා තිබේ.

පසුගිය වසරේදී ආර්ථික අගහිඟ ඇති වියපත් කලාකරුවන් 1042ක් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණවී ඇත්තේ, වයෝවෘද්ධ කලාකරුවන්ට ඔවුන්ගේ සැදෑ සමයේදී අත්වැලක් සැපයීමයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, අවුරුදු 60 ඉක්ම වූ විශ්‍රාමික නොවන විවිධ කලා ක්ෂේත්‍රයන් හි නියුතු කලාකරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අයැදුම්පත් කැඳවා එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වසරකට වරක් මූල්‍යාධාර ලබාදීමට කටයුතු කරන බවයි. තව ද මේ වනවිට කලාකරුවන් 3500ක් පමණ ලියාපදිංචි වී සිටින බවත් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා ය.