හොලිවුඩ් නිළියන්ගෙන් Bafta උළෙලේදී පණිවුඩයක්

Bafta උළෙලට කළු ඇඳුමින් සැරසුණු හෙලිවුඩ් නිළියන්

by Sagarika Chathumali 19-02-2018 | 8:29 AM

හොලිවුඩ් නිලියන් රැසක් කළු පැහැති ඇඳුමින් සැරසී මෙවර Bafta සිනමා උළෙල සඳහා සහභාගී වී තිබේ.

ඔවුන් එලෙස කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ ඇත්තේ, Time's Up ව්‍යාපාරයට සහය දැක්වීම සඳහායි. සිනමා උළෙලේ හොඳම නිලිය ලෙස සම්මාන ලැබුවේ, ෆ්රාන්ස් මැක්ඩෝරන්ඩ් ය. සිනාමා උළෙල සඳහා වෙනත් වර්ණයක ඇඳුමකින් සැසරී පැමිණි ය ද ඇය උත්සවයේදී පවසා ඇත්තේ තමා සිය සහෝදර නිළියන් සමග සහයෝගයෙන් යුතුව එක්ම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නැගී සිටින බවයි. කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරිය ද සිනමා සම්මාන උළෙල සඳහා සහභාගී වී ඇති අතර ඇය තද කොළ පැහැති ඇඳුමකින් සැරසී සිටියා ය. Time's Up සිනමා කර්මාන්තය තුළ සහ අනෙකුත් සෑම ස්ථානයකදී ම කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට එරෙහිව නැගී සිටීම අරමුණු කර ගත් මෙය හොලිවුඩ් නිළියන් පිරිසකගේ මූලිකත්වයෙන් අරඹි ව්‍යාපෘතියකි. ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටෙයින්ට එරෙහිව ඉහළ පෙළේ නිළියන් රැසකගෙන් චෝදනා එල්ල කිරීමත් සමග මෙම වැඩසටහන ඇරඹිණ.