ලැට්වියා මහබැංකු අධිපති රැඳවුම් භාරයට

ලැට්වියා මහබැංකු අධිපති දූෂණ මර්දන බලකායේ රැඳවුම් භාරයට

by Sagarika Chathumali 19-02-2018 | 8:45 AM

ලැට්වියා මහබැංකු අධිපති ඉල්මාර්ස් රිම්සෙවික්ස් එරට දූෂණ මර්දන බලකාය විසින් රැඳවුම් භාරයට ගනු ලැබ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලැට්වියා මහ බැංකුව ආශ්‍රිතව පිහිටි ඔහුගේ නිවස සහ කාර්යාලය නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක්කරනු ලැබ ඇති බවයි. කෙසේ වෙතත් ලැට්වියා දූෂණ මර්දන කාර්යාංශය එම පරීක්ෂණ හෝ වැටලීම් පිළිබඳ කිසිඳු තොරතුරක් ප්‍රසිද්ධියට පත්කර නොමැත. ලැට්වියා අග්‍රාමාත්‍යවරයා අද හදිසි කැබිනට් අමාත්‍ය හමුවක් කැඳවා ඇති නමුත් ලැට්වියා මූල්‍ය ක්‍රමයට කිසිඳු අවදානමක් නොමැති බව ඔහු පවසා ඇත. ලැට්වියා මහ බැංකු අධිපතිවරයාට එරෙහි විමර්ශන පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ මහබැංකුව කියා සිටියේ දූෂණ වංචා ඇතුළු නීතිවිරෝධි ක්‍රියා තමන් කිසිවිටෙකත් දරා නොසිටින බවයි.