රාමඤ්ඤ මහා නිකායෙන් අවවාදාත්මක නිවේදනයක්...

රාමඤ්ඤ මහා නිකායෙන් අවවාදාත්මක නිවේදනයක්...

by Sagarika Chathumali 19-02-2018 | 1:31 PM

COLOMBO (Newsfirst) : රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්‍ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

සිය ප්‍රකාශය මගින් උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ, පාලකයින් සියලු දෙනා සාකච්ඡා මාර්ගයෙන් උද්ගතව ඇති අර්බුදය විසඳා ගත යුතුව ඇති බවයි. වර්තමානය වන විට ජනතාව විවිධ අපහසුතා මධ්‍යයේ ජීවන ගමන ගෙන යන බවක් පෙන්නුම් කරන බව ද උන්වහන්සේ සිහිපත් කර සිටිති. ඒ අනුව පාලක - පාලිත දෙපක්ෂයම එක් ව විවාද පසෙක ලා සමගිය අදාර්ශවත් ලෙස රට ඉදිරිගමන වෙනුවෙන් ක්‍රියා කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති.